logo-cutout-cutout

WIHASO INNOVATION (PVT) LTD

5 kW Solar On-Grid System – Rajagiriya, Sri Lanka
👉රාජගිරිය සමරකෝන් මහත්මියගේ විදුලි බිල පැවතියේ රුපියල් 4000/=ක පමණ අගයක. නමුත් විදුලි බිල ඉහළයාම නිසා එය මේ වනවිට රුපියල් 12,000/= ඉක්මවා ඇත.
👉 සූර්ය පැනල පද්ධතියක් සඳහා ආයෝජනය කිරීමට ඇය සිතුවේ ඉහත හේතුව නිසාය. අපගේ ඉල්ලීම අනුව සමරකෝන් මහත්මිය තම නිවසේ පසුගිය මාස දෙකක විදුලි බිල්පත් අපවෙත WhatsApp කළේය.. ( 077 809 4054 )
👉 බිල්පත් පරීක්ෂා කිරීමේදී එතුමියගේ නිවසේ සාමාන්‍ය මාසික විදුලි පරිභෝජනය ඒකක 200 සහ 260 අතර අගයක් වූ බැවින් අපේ ඉංජිනේරු අංශය විසින් 5KW සූර්ය පැනල පද්ධතියක් ඇය වෙත යෝජනා කරන ලදී. මෙමගින් මාසිකව අවම වශයෙන් ඒකක 550-600 ක විදුලි උත්පාදනයක් අපේක්ෂා කෙරේ..
👉 ඒ අනුව යොමුකළ පිරිවැය ඇස්තමේන්තුව, උපාංග වගකීම් සහ අපගේ අනෙකුත් සේවා පිළිබඳව ඇය සෑහීමකට පත්වූ බැවින්, ද්විපාර්ශ්වික ලෙස ගිවිසුම්ගතව ව්‍යාපෘතිය අපවෙත භාරදීම සිදුවිය.
👉 වොට් අගය 460W බැගින් වූ සූර්ය පැනල 11 ක් වසර 25 ක කාර්යසාධන වගකීම සහිතව සපයා, ඒවා නිසි දිශානතිය අනුව වහලයට හානි නොවන ආකාරයේ සම්බන්ධක (Aluminum Brackets) උපාංග භාවිතාකර ආරක්ෂිත ලෙස සවිකරන ලදී..
👉 වසර 10 ක වගකීම සහිත 5KW Inverter ඒකකය WIFI ඔස්සේ දුරස්ථ නිරීක්ෂණ පහසුකම් සහිතව සවිකරන ලදී..
👉 අධිවෝල්ටීයතා හෝ අකුණු මගින් උපාංග ආරක්ෂාකිරීමට වැදගත් අකුණු පරිවාරක (Surge Protectors) යොදා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිර්ණායක අනුකූලව ආරක්ෂිත භූගත කිරීම සම්පූර්ණ කොට, අදාළ ප්‍රතිරෝධය මැනීම මගින් භූගත කිරීම තහවුරු කරන ලදී..
👉 Net Accounting ගිවිසුම යටතේ මෙම පද්ධතිය ජාතික ජාලයට සම්බන්ධ කිරීමේ අයදුම්පත වරලත් විදුලි ඉංජිනේරු සහතිකය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ආයතන/උපාංග ලියාපදිංචි සහතික සමඟ රාජගිරිය LECO කාර්යාලය වෙත යොමු කරන ලදී.
👉 මූලික අනුමැතිය, අයදුම්පත් ගාස්තු, Net-Meter සවිකිරීමේ ඇස්තමේන්තු ඇතුළු සියලු ගෙවීම් අප ආයතනය මගින්ම සිදුකොට, පාරිභෝගික පීරිස් මහතා අදාළ ගිවිසුම්ගතවීම සඳහා LECO කාර්යාලය වෙත යොමුකිරීම දක්වාවූ සියලු සම්බන්ධීකරණ කටයුතු කරන ලදී.
👉 මෙලෙස මෙම කටයුතු සාර්ථකව සම්පූර්ණකොට මාසයක කාලයක් ගතවන තැන, මෙම ව්‍යාපෘතිය අපගේ පසුසේවා අංශය වෙත භාරදීම සිදුවීමට නියමිතය..
👉එතැන් පටන් දෛනිකව මෙම පද්ධති ක්‍රියාත්මක ස්වභාවය දෛනිකව අන්තර්ජාලය ඔස්සේ නිරීක්ෂණය කරන අතර, කඩිනමින් දෝෂ යථාතත්ත්වයට පත්කිරීම, වසරකට දෙවරක් සූර්ය පැනල පිරිසිදු කිරීම, උපාංග සඳහා වගකීම් සේවා සැපයුම ඇතුළු පසු සේවා රැසක් පීරිස් මහතා වෙත ලැබීමට නියමිතය.. මේ කටයුතු සඳහා වාර්ෂික සේවා ගිවිසුම අත්සන් කිරීමට නියමිතය..
🛑🛑🛑 වෘත්තීයමය තාක්ෂණ සේවාවක් සඳහා WIHASO Solar ආයතනය වෙත යොමු වෙන්න..

077 809 4054 / 011 4497 033
WhatsApp your electricity bill copy :
077 809 4054 / 077 460 3272 /077 498 5168